හෙට (06) දිනයේ බස් රථ ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
“අපිට වෙනවා හෙට දිනයේ බස් ධාවනයෙන් ලංකාව පුරා ඉවත්වෙන්න. ඒ වගේම අපි හිතන්නේ හෙට විතරක් නෙමෙයි. ඉදිරි දින කිහිපය තුළ බස් රථ ධාවනයනේ බොහෝදුරට ඉවත් වෙන්න සිදුවෙයි. මොකද ඉන්ධන නොමැතිව අපිට බස් ධාවනය කරන්න හැකියාවක් නැහැ. මේ වන විටත් ඉන්ධනහල්වල ඩීසල් නැහැ. ඒ නිසා අපි හෙට බස් ධාවනයෙන් ඉවත්වෙන්න කටයුතු කරනවා. මොකද මේක බරපතළ කරුණක්. ඒ නිසා මේ ගැටලුවට අපි නෙමෙයි මුහුණදෙන්නේ ජනතාව. අපිට ඉතාමත් කනගාටුයි. අත්‍යවශ්‍ය සේවාවල්වත් කරන්න අපි උත්සහකරනවා. මට රෝහල්වලින් කතා කළා ඒ අය රැකියාවට එන්න විදිහක් නැහැ. අපි උත්සහ කරනවා. අත්‍යවශ්‍ය සේවල්වල ඉන්න ඒ සේවක මණ්ඩලය ඒ කාර්ය භාරය කරන්න. එහෙම නැතුව අපි ඊට වැඩිය කරන්න දෙයක් නැහැ.”