පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් ලබන සතියේ මෙරට සංචාරයක

පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්

පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැටී්‍රෂියා ස්කොට්ලන්ඩ් කේසී ලබන සතියේ දී දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

පෙබරවාරි 4 වන දා පැවැත්වෙන 75 වන නිදහස් දින සැමරුම් උලෙළට ඇය සහභාගී වන බව මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

එමෙන්ම ඇයගේ දින 5ක සංචාරය තුළ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු මෙරට පිරිසක් හමුවීමට සැලැසුම් කර ඇති බවද පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය නිවේදනය කළේය.

පුවත යවන්න