ආණ්ඩුවේ අසාර්ථක කළමනාකරණයට සහ ජීවන වියදම ඉහළ යාමට එරෙහිව වර්ධනය වූ විරෝධතා හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මකයි.
මේ ඊට අදාළවන සියලු පොලිස් බල ප්‍රදේශ ලයිස්තුවයි.
කොළඹ මධ්‍යම කොට්ඨාසය
පිටකොටුව / කෙසෙල්වත්ත / වේල්ල වීදිය / වුල්ෆෙන්ඩල් වීදිය / කොටුව / කොම්පඤ්ඤවීදිය / මරදාන / මාලිගාවත්ත
කොළඹ උතුරු කොට්ඨාසය
කොළඹ වරාය / ඉදිරි වෙරළ / මෝදර / කොටහේන / මට්ටක්කුලිය / බ්ලූමැන්ඩල් / ග්‍රෑන්ඩ්පාස් / දෙමටගොඩ / මිහිජය සෙවන
කොළඹ දකුණු කොට්ඨාසය
කොල්ලුපිටිය / බම්බලපිටිය / කිරුළපන / වැල්ලවත්ත / නාරාහේන්පිට / BMICH / බොරැල්ල / කුරුඳුවත්ත
නුගේගොඩ කොට්ඨාසය
මිරිහාන / මහරගම / බොරලැස්ගමුව / වැල්ලම්පිටිය / තලංගම / වැලිකඩ / නවගමුව / මුල්ලේරියාව / හෝමාගම / කොට්ටාව / අතුරුගිරිය / පාදුක්ක / හංවැල්ල / ගොතටුව / මීපේ / කඩුවෙල / මාලබේ
ගල්කිස්ස කොට්ඨාසය
ගල්කිස්ස / පිළියන්දල / අඟුලාන / දෙහිවල / කොහුවල / මොරටුව / කහතුඩුව / මොරටුමුල්ල / එගොඩ උයන / කැස්බෑව
කැලණිය කොට්ඨාසය
කැලණිය / කඳාන / වත්තල / මහබාගේ / සපුගස්කන්ද / බියගම / මීගහවත්ත / ජා – ඇල / රාගම / කිරිබත්ගොඩ / කඩවත / එඬේරමුල්ල