පොලිස්පතිවරයා විසින් ඇඳිරි නීතිය පැනවීමට ගත් තීරණයට දැඩි විරෝධය පළකරන බව , ශ්රී ලංකා නීතීඥ සංගමය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සදහන් කළේ , එවන් අයිතියක් පොලිස්පතිවරයා සතුව නොපවතින අතර . මෙය ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බවයි.
මෙම නීති විරෝධී නියෝගය වහාම හකුලා ගන්නා ලෙසද එමගින් පොලිස්පතිට දැනුම් දී තිබෙනවා.