පූජ්‍ය අක්මීමන දයාරතන හිමි ඇතුළු අනුගාමිකයන් විසින් දෙහිවල අනගාරික ධර්මපාල මාවතේ පිහිටි බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරිපිට දී අද(07) දින පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණය වළකාලමින් දෙහිවල පොලීසිය විසින් ඉදිරිපත් කළ තහනම් නියෝගය ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සංජය එල්.එම්.විජේසිංහ මහතා ප්‍රතික්ෂේප කළා.
යම්කිසි ආකාරයකින් මෙම උද්ඝෝෂණය පවත්වා නිරෝධායන රීති උල්ලංඝණය වීමක් හෝ මහජන සාමය කඩ වීමේ අවස්ථාවක් ඇති වූවහොත් පොලිස් බලතල අනුව කටයුතු කරන ලෙසට ද අතිරේක මහේස්ත්‍රාත්වරයා එහිදී දෙහිවල පොලීසියට නියෝග කර තිබෙනවා.