පෞද්ගලික අංශයේ ඉහළ ගිය අවම වැටුප

මෙරට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම මාසික වැටුප හා අවම දෛනික වැටුප ඉහළ දමා තිබේ.

2021 අගෝස්තු 16 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ‌ජතික අවම වේතනය සම්බන්ධයෙන් 2021 අගෝස්තු 20 වන දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් නීතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි. ‌

මෙම ජාතික අවම වේතනයට 2005 හා 2016 අයවැය සහන දීමනා ද ඇතුළත් කර වැටුප ගණනය කළ යුතු බව නිවේදනයක් නිකුත් කරමින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි.

මේ අනුව ජාතික අවම වේතනය මාසිකව රු. 16,000/- ක් හෝ දෛනිකව රු. 640/- ක් විය යුතු වේ.

මීට අදාළ නිවේදනය පහතින් දැක්වේ.

පුවත යවන්න