බට නඩුවෙන් මුදල් ඇමති බැසිල් නිදහස්

දිවි නැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ රුපියල් මිලියන 36 කට අධික මුදලක් සාවදය ලෙස පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවි නැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් කිත්සිරි රණවක යන අයට එරෙහිව පවරා ඇති නඩුවෙන් ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මෙම නියෝගය නිකුත් කළේ විත්තිකරුවන්ට එරෙහිව මෙම අධිචෝදනා ඉවත් කර ගන්නා බවට නීතිපතිවරයා දැනුම් දීමත් සමගයි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරුවන්ට එරෙහිව දිවි නැගුම අරමුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් මීට පෙර ගොනුකර තිබූ වෙනත් නඩුවකින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබූ බවත් මෙම නඩුවේ කරුණු ද ඊට සමාන බැවින් අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගන්නා බවයි .

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 194(3) වගන්තිය අනූව විත්තිකරුවන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කරනු ලැබුවා.

2015 ජනාධිපතිවරනය සමයේදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ මුදල් රුපියල් මිලියන 36 ට අධික මුදලක් වැය කරමින් ජි.අයි.බට මිල දී ගෙන පළාත් පාලන ආයතන වෙත බෙදාහැරියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ සහ අනෙක් විත්තිකරු චෝදනා එල්ල වුවා.

පුවත යවන්න