හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී මියගිය 16 හැවිරිදි දැරියගේ සිරුර ගොඩගෙන තිබෙනවා.
ඩයගම සුසාන භූමියේ මිහිදන් කර තිබූ දැරියගේ සිරුර එලෙස ගොඩ ගෙන ඇත්තේ, 2 වැනි පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහායි.
නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය ඊයේ නියෝග කළේ, දැරියගේ දේහය ගොඩගෙන පේරාදේණිය රෝහලට ගෙන ගොස් දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසයි.