වැලිකඩ සහ අනුරාධපුර යන බන්ධනාගාරවල සිදුවු සිද්ධියට අදාළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්තාව කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව භාරව කටයුතු කළ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරයට බීමතින් ගොස් ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එලෙස පරීක්ෂණ ආරම්භ කළා.
ඒ අනුව පසුගිය දින කිහිපය තුළ ඔවුන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු බන්ධනාගාර නිලධාරින් රැසකගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.
කෙසේවෙතත් අදාළ සිද්ධියට චෝදනා එල්ල වූ විෂය භාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වන ලොහාන් රත්වත්තේ මහතාට පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදීත් ප්‍රකාශයක් ලබාදීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද ඔහු පෞද්ගලික අවශ්‍යතාවක් මත වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබුණා.
ඒ අනුව ඔහු මෙම සතිය තුළදී මානව හිමිකම් කොමිෂන් සභාව වෙත අදාළ ප්‍රකාශය ලබාදීමටයි.