සියයට අටකින් බස් ගාස්තු වැඩි කිරීමට ප්රවාහන අමාත්යංශය තීරණය කර ඇතැයි වාර්තා වනවා.
කෙසේවෙතත් බස් ගාස්තු වැඩි කිරීම පිළිබද මෙතෙක් රජය නිල වශයෙක් ප්රකාශයක් සිදුකර නැහැ.
අවම බස් ගාස්තුව රුපියල් 02කින් ඉහළ දැමෙනු ඇති බව සදහන්.
මේ අතර පෞද්ගලික බස් හිමියන් පෙන්වා දෙන්නෙ සියයට අටක බස් ගාස්තු වැඩිවීම ප්රමාණවත් නොවන බවයි.
ඔවුන් රජයට යෝජනා කර තිබුණේ අවම බස් ගාස්තු රුපියල් 15 සිට 20ත් 25ක් දක්වා වැඩි කරන ලෙසයි.