බස් හා දුම්රිය ගමන් වාර සීමා කරයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් ගමන් වාර සංඛ්‍යාව සීමා කර තිබෙනවා.

ඒ, පොදු ප්‍රවාහනය භාවිත කරන පිරිස සීඝ්‍රයෙන් පහළ යාමේ තත්ත්වය මතයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්. පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ, ඇතැම් දුර ගමන් සේවා ද අවලංගු කිරීමට සිදුව ඇති බවයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, හෙට සිට පෞද්ගලික බස් ධාවනය 25 % ක් දක්වා අඩු කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර මගීන්ගේ හිඟය හේතුවෙන් දුරගමන් සේවා හා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගමන්වාර කිහිපයක් ද මේ වනවිට අවලංගු කර තිබෙනවා.

පුවත යවන්න