බස්නාහිර 60ට වැඩි අය කොරෝනා එන්නත් ගැන අඩු උනන්දුවක

බස්නාහිර පළාත තුළ වයස අවුරුදු 60ට වැඩි පිරිස කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමට පැමිණීම බලාපොරොත්තු වූ මට්ටමෙන් සිදු නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ මේ වනවිට වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් දැඩි අවදානම් මට්ටමේ සිටින බවත්, මරණ සංඛ්‍යාව සහ රෝගී වීමේ සංඛ්‍යාවද වැඩිවී ඇති බවත්ය.

එම නිසා කඩිනමින් කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමට කටයුතු කරන ලෙස විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිහිටි ජනතාවගෙන් ඉල්ලා සිටියි.

වරුණි පෙරමුණ

පුවත යවන්න