කෘතිම ශ්වසන යන්ත්‍ර ආධාරයෙන් ප්‍රතිකාර ලබන බ්‍රසීලයේ බරපතල මට්ටමේ කොරෝනා රෝගීන් රැසක් ඉන් ඉවත් කිරීමට සිදුව තිබෙනවා.
ඒ එරට රෝහල් පද්ධතියේ ධාරිතාවය බොහෝ නගරවල දී සියයට 100 ඉක්මවා යාම සමගයි.
වසංගතයේ දරුණු බලපෑමත් සමග බ්‍රසීලයේ රෝහල්වල සැපයුම් අඩු මට්ටමක පවතින බැවින් එක් වෙරළබඩ නගරයක කොවිඩ් රෝගීන් මේ වන විටත් කෘතිම ශ්වසන යන්ත්‍රවලින් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.
මේ වන විට බ්‍රසීලයේ කොවිඩ් වෛරසයට ආසාධිතයින් සීඝ්රයෙන් ඉහළ යමින් පවතින අතර රටේ සෞඛ්‍ය පද්ධතියද ඒ සමග බිදවැටී තිබුණා.
නව කොරෝනා වෛරස ප්‍රභේදය සමග මෙසේ බ්‍රසීලය වේගවත් ආසාදිතයන් වර්ධනය වීමකට ගොදුරුව තිබෙනවා.