චීනයේ බලහත්කාරයෙන් කදවුරුවලට යොමුකර ඇති උයිගර් වැසියන්ට පීඩා සිදුවන බව පවසමින් ඒ ආශ්‍රිතව සේවය කළ ගුරුවරියක් අනාවරණයක් සිදුකර ඇති බව බ්‍රිතාන්‍යයේ ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය පවසනවා.
එම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ, බලහත්කාරයෙන් රදවා සිටි උයිගර් ජන කාණ්ඩායේ දරුවන්ට මැන්ඩරින් භාෂාව බලහත්කාරයෙන් ඉගැන්වීම සිදුකෙරුණු බවයි.
එම සිසුන් දැඩිව දුර්වල වූ බවත් ,ඔවුන්ට හිංසා පීඩා සිදුවන බව දුටු බවත් මෙම වාර්තාවට අදහස් දැක්වූ කෙල්බිනූර් සීදික් නැමැත්තිය හෙලිකර තිබෙනවා.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ලෝකයේ වැඩි අවධානයක් යොමුවිය යුතු බවයි ඇය සිය අනාවරණයෙන් ප්‍රකාශ කර ඇත්තේ.
කෙසේ වෙතත් උයිගර් ජන කොටස් සම්බන්ධ චෝදනා චීනය ප්‍රතික්ෂේප කරන අතර මෙම චෝදනා හේතුවෙන් බ්‍රිතාන්‍ය අමෙරිකාව හා චීනය අතර මත ගැටුම් ද හටගෙන තිබෙනවා.