බැංකු කිහිපයකින් කොරෝනා ආසාදිතයන් 55 ක්

කොළඹ කොටුව ප්‍රදේශයේ රජයේ බැංකුවක නිලධාරීන් 35 දෙනකුට කොරෝනා ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා.
300 දෙනෙකු පමණ පීසීආර් පරීක්ෂණවලට ලක් කිරීමේදී මේ බව අනාවරණවි තිබුණා.
කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය කාර්යාලයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය දිනුකා ගුරුගේ සඳහන් කලේ අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් ගේ පළමු පෙළ ආශ්‍රිතයින් හා තවත් පිරිසක් අහඹු පරීක්ෂාවන්ට ලක්කරන බවයි.
මේ අතර කටුපොත සහ නාරම්මල රාජ්‍ය බැංකු දෙකක නිලධාරීන් විස්සකට ද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා ඊයේ සිට එම බැංකු ශාඛා දෙක තාවකාලිකව වසා දමනු ලැබුවා.

පුවත යවන්න