ඉන්දියාවේ සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී තිබේ.
මෙම හමුව සිදුව ඇත්තේ ඉන්දීය පාර්ලිමේන්තු සංකීර්ණයේදීයී.
එහිදී ශ්‍රී ලංකාවට ඉන්දියාව ලබාදෙන සහය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට ස්තුතිය පළ කර ඇති මුදල් අමාත්‍යවරයා, මෙම මස අවසානයේ කොළඹදී පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වන ලෙස නැවතත් ඇරයුම් කර තිබේ.
මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට පෙර ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන ශ්‍රින්ග්ලා මහතා ද හමුවිය.
මෙම හමුවට මුදල් අමාත්‍යවරයා සමග මුදල් ලේකම් එස්.ආර්. ආටිගල මහතා,ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද එක්ව සිටියහ.