බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්කරන මෙන් ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් 113කට වැඩි පිරිසකගේ අත්සන් සහිත ලිපියක් ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා.
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පත් කරන ලෙස මන්ත්‍රිවරුන් 113 දෙනෙකුගේ අත්සන් සහිත ලිපියක් ජනාධිපතිවරයාට භාර දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර මහතා පවසනවා. එම පෙරමුණ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරුන් පිරිසක් ද ඊට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර හැකි ඉක්මනින් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවට යෝජනාවක් වයඹ පළාත් පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ සංසදයේ දී සම්මත කරගෙන තිබෙනවා.