බිට්කොයින් දරුණු කඩා වැටීමක / සියයට 50කින් වටිනාකම බසී

ක්‍රිප්ටෝ මුදල් ඒකකවල ප්‍රධානතම මුදල් එකකය වන බිට්කොයින් අගය වාර්තාගත මට්ටමින් පහත වැටී තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් මාසයේ සිට එම මුදල් අගය සියයට 50කින් පහත වැටී තිබීම විශේෂත්වයක්.
ගතවූ පැය 24 තුල පමණක් එම අගය සියයට 8කින් පහත වැටුණා.
නොවැම්බර් මාසයේදී බිට්කොයින් 1ක අගය ඩොලර් 68,990 ක් වූ අතර මේ වන විට එම ඒකකයක් ඩොලර් 35,479 ක් බවට පත්ව තිබෙනවා.
එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය බලාපොරොත්තු වූවාට වඩා ආක්‍රමණශීලී ලෙස ආර්ථික බලපෑම් එල්ල කරන ක්‍රිප්ටෝ මුදල්වලට එරෙහි පියවර ගැනීම සමග මෙම ඒකක අඛණ්ඩව පහත වැටෙනු ඇති බවයි සී එන් එන් වාර්තා කළේ.
ඒ අනුව ආයෝජකයින් ඩිජිටල් මුදල් වර්ග සහ අනෙකුත් අවදානම් සහිත වත්කම් ගැන කලබල වෙමින් පවතින බවද එම වාර්තාව පැවසුවා.
රුසියාවේ මහ බැංකුව විසින් ද මෙම බිට්කොයින් තහනම් කිරීමට නියමිත බව වාර්තා කර තිබුණා.
කෙසේ වෙතත් මෙම තහනම් ඉවත් වුවහොත් ඉදිරි වසර පහ තුළ බිට්කොයින් මිල ඩොලර් 100,000 ඉක්මවිය හැකි බවයි ප්‍රකාශ වන්නේ.

පුවත යවන්න