දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් ඔමික්‍රෝන් නව කොවිඩ් වයිරස ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාව හොඳ සූදානමක සිටින බවත් එම වයිරසය රට තුළට පැමිණීම හැකිතාක් ප්‍රමාද කළ යුතු බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන ආයතනයේ අධ්යක්ෂ, ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.
ඕනෑම වයිරස ප්‍රභේදයක් පැමිණීම සදහටම නැවැත්විය නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.
මෙම වයිරස ප්‍රභේදය ශ්‍රී ලංකාවේ හඳුනාගැනීමට පරීක්ෂණාගාර පහසුකම් ඇති බව පැවසූ ජීවන්දර මහතා මේ ගැන අනියත බියක් ඇතිකර ඇතිකර ගත යුතු නැතැයිද සඳහන් කළේය.
දැනට රජයේ මගින් සිදුකරගෙන යන කොවිඩ් මර්දන කටයුතු සාර්ථක බවත් විදේශිකයින් මෙරටට පැමිණීමේදී දැනට පනවා ඇති නීතිරීති ප්‍රමාණවත් බවත් ඔහු කීවේය .
දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ඔමික්‍රෝන් නම් කොවිඩ් වයිරස නවතම ප්‍රභේදයේ “s” ජානය ආශ්‍රිතව විකෘතිතා 30ක් පමණ දක්නට ලැබෙන බවද ආචාර්යවරයා පැවසුවේය.
බූස්ටර් එන්නතින් ප්‍රතිශක්තිය ඉහළ යන හෙයින් ඔමික්‍රෝන් පැමිණියත් බියක් විය යුතු නැති බව පැවසූ ජීවන්දර මහතා ජනතාව නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් බවද අවධාරණය කළේය.
බූස්ටර් එන්නත ලබාගැනීම මේ මොහොතේදී අනිවාර්යයෙන්ම කළ යුතු බවආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පැවසීය.