බේරුවලිනුත් ඔමික්‍රොන් මතුවෙයි

බේරුවල චීන කොටුව ප්‍රදේශයෙන් ඔමික්‍රෝන් ආසාදිතයකු හඳුනාගෙන තිබෙනවා.
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා සඳහන් කළේ, අදාළ පුද්ගලයා විදෙස් ගතවීමට සූදානම්ව සිටියදී සිදුකළ පී ෂී ආර් පරීක්ෂාවක දී ඔහු ආසාදිතයකු ලෙස හඳුනාගත් බවයි.
පසුව ඒ සම්බන්ධයෙන් සිදුකළ ජාන පරීක්ෂාවක දී ඔහු ඔමික්‍රෝන් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබුණා.
එම පුද්ගලයා වෘත්තියෙන් මැණික් ව්‍යාපාරිකයෙකු ද වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා.
ඔහුගේ සමීපතමයින් කිහිපදෙනෙකු නිවෙස් නිරෝධායනයට යොමුකර ඇති අතර අද දිනයේ දී ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයින් සියලු දෙනා ද පී සී ආර් පරීක්ෂාවන්ට යොමු කිරීමට නියමිත බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

පුවත යවන්න