බොරැල්ලේ දේවස්ථාන අත්බෝම්බ සිද්ධියේ සැක වෛද්‍යවරයා අධිකරණයට

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඔහු පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුවේ පිලියන්දල ප්‍රදේශයේදී යි.
මේ සිදුවීම සම්බන්ධ ව මේ වනවිට කිහිප දෙනෙකු ම අත් අඩංගුවට ගනු ලැබුවා.
එහි දී අදාළ වෛද්‍යවරයාට බෝම්බය ලබා දුන් බවට සැකකරන පුද්ගලයා ද වනවා.
කෙසේ වෙතත් මෙම සිද්ධි දාමයෙන් පසු කාදිනල් හිමිපාණන් විසින් CCTV දර්ශණ ඔස්සේ පෙන්වා දුන් දේවස්ථානයේ බෝම්බය තැබූ බවට සැකකෙරෙන පුද්ගලයාව පසුගිය 16 වැනිදා පොලිසිය අත්අඩංගුවට ගත්තා.
ඒ ඇඹිලිපිටිය – පනාමුර ප්‍රදේශයේදී.
අදාළ සැකකරු කඩවත අශෝකාරාම පාරේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්.
එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී වෛද්‍යවරයකු විසින් බෝම්බය ලබා දුන් බවටත්, ඒ සඳහා රුපියල් 50000ක මුදලක් ලබාදුන් බවත් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

පුවත යවන්න