භාර නොගත් චීන පොහොර නැවට වන්දි ගෙවන්න කැබිනට් පත්‍රිකාවක්

හානිකර බැක්ටීරියා අඩංගුවට බව පවසමින් ප්‍රතික්ෂේප කළ චීන කාබනික පොහොර නෞකාවට අදාළව ගෙවීම් සිදුකිරීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඊයේ පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත්ව ඇති බව වාර්තා වෙයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් එම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර ඇති බව සදහන්.

චීන කාබනික පොහොර නැවට ඩොලර් මිලියන 08 කට ආසන්න මුදලක් ගෙවිමට අදාළ කැබිනට් පත්‍රිකා මගින් යෝජනා වී තිඛෙනවා.

චීන සමාගම විසින් වන්දි මුදල් වශයෙන් මෙම මුදල ඉල්ලා තිබුණා.

පුවත යවන්න