මන්ත්‍රීන්ට වාහන ගෙන්වීම ගැන මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තීරුබදු රහිත වාහන ගෙන්වීමේ බලපත්‍ර වෙනුවට, වාහන ගෙන්වා එම වාහන වල තීරුබදු රහිත වටිනාකම පමණක් අය කිරීමට මීට පෙර රජය ගෙන තිබූ තීරණය අත්හිටුවූ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල ද සඳහන් කළා.

ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන තීරණය කර තිබුණේ සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීමට පැවති යෝජනාව අත්හිටුවීමටයි.

කෙසේ වෙතත්, අවශ්‍යතාවය මත ගිලන් රථ, බවුසර් ආදිය ගෙන්වීමට රජය අවසර ලබාදී තිබෙන බවයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල වැඩිදුරටත් සඳහන් කළේ.

තමන් මුහුණදෙන අපහසුතා සැලකිල්ලට ගෙන වාහන සහ කොළඹින් නිවාස පහසුකම් ලබාදෙන ලෙසට නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් සිදුකර තිබුණා.

පුවත යවන්න