මහා සංඝරත්නය ගාලු මුවදොර ජනතා විරෝධතා භූමියට

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය අද පස්වරුවේ ගාලු මුවදොර ජනතා විරෝධතා භූමියට වැඩම කළේය.

කොටුව සම්බුද්ධාලෝක විහාරයේ සිට ගාලුමුවදොර විරෝධතාව පැවති භූමිය දක්වා මහා සංඝරත්නය පා ගමනින් වැඩම කළේය.

අනතුරුව උන්වහන්සේ ජනපති ලේකම් කාර්යාලයට ලිපියක් භාරදෙනු ලැබීය.

මේ අතර පවතින රජයට විරෝධය පළකරමින් බණ්ඩාරවෙල නීතීඥ සංගමයද අද විරෝධතා පා ගමනක නිරත වුණි.

එසේම ආණ්ඩුවට එරෙහි විරෝධාතාවලට සහාය පළකරමින් ස්වීඩනයේ ,ඉතාලිය සහ ප්‍රංශයේ විරෝධතා සංවිධාන කර තිබුණි.

එමෙන්ම පවතින රජයට එරෙහිව පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයන්ට සහාය පළකරමින් එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් එංගලන්තයේ වොට්ෆෝඩ් හිදී විරෝධතාවයේ නිරතවුණි.

පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ආණ්ඩුවට වහාම ඉවත්වන ලෙස පවසමින් මෙන්ම ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට සහාය පළකරමින් දිවයිනේ ප්‍රදේශ රැසක අදත් උද්ඝෝෂණ සංවිධාන කර තිබුණි.

පුවත යවන්න