මාර්තු 5 වනදායින් පසු විදුලිය කප්පාදුව නැවතීමේ උත්සාහයක්

ලබන පස්වැනිදායින් පසුව විදුලිය කප්පාදුව නතර කිරීමට උත්සාහ ගනිමින් සිටින බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (28)රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .

ඒ සදහා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන සපයා දීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවද ඇමතිවරයා සඳහන් කර ඇත .

මේ අතර ,පෞද්ගලික බස් සඳහාද ලංගම ඩිපෝවවල ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරගෙන බව සඳහන් කර ඇති ඇමතිවරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ ගබඩාවල ද ඉන්ධන ගබඩා කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරගෙන යන බව සදහන් කර ඇත .

පුවත යවන්න