ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාට සහ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයාට වෛරසය ආසාදනය වී ඇති අතර අමරකීර්ති අතුකෝරළ මහතාගේ බිරිඳට ද කොරෝනා ආසාදනය වී තිබුණා.
ගතවූ දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකුම කොරෝනා ආසාදිතයන් බවට පත්වූ අතර , සරත් වීරසේකර, ශානක්‍යන් රාසමානික්කම්, සාරතී දුෂ්මන්ත, නාලක කෝට්ටෙගොඩ, රෝහිණි කවිරත්න යන පිරිස ඊට ඇතුලත්.