ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර වෙනම මැයි රැලියක් සංවිධාන කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වුණා. එම රැස්වීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මේ සම්බන්ධයෙන් අදහස් පල කළා.