මෙතෙක් මිනිසා විසින් නිර්මාණය කළ දියුණුතම හා ප්රබලතම අභ්‍යවකාශ දුරේක්ෂය වන නාසා ජේම්ස් වෙබ් අද සාර්ථකව අභ්‍යවකාශගත කෙරුණා.
ඒ අනුව පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.5 ක දුරක පවතින කක්ක්ෂයක මෙම දුරේක්ෂය රැදවීමට නියමිතයි.
වසර බිලියන ගණනාවක් දක්වා කාලය ආපසු දැකිය හැකි මෙම දුරේක්ෂය මහා පිපිරුමේදී නිකුත්වූ ආලෝකයන් හඳුනාගත හැකි මට්ටමින් නිපදවා තිබීම විශේෂත්වයක්.
මෙතෙක් භාවිත කළ හබල් දුරේක්ෂයට වඩා ප්‍රබල මෙම දුරේක්ෂය මගින් පිටසක්වල ජීවය හදුනා ගැනීමේ හැකියාවක් පිළිබද විශ්වාසය මතු කර තිබෙනවා.