මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට විරෝධය පළ කරන විරෝධතාකරුවන්ට එරට පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.
බී බී සී පුවත් සේවය වාර්තා කළේ පොලිසිය විසින් ඇයගේ හිසට වෙඩි තබා ඇති බවයි.
විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා අධි පීඩන ජල ප්‍රහාර, රබර් උණ්ඩ යොදා ගනිමින් මියන්මාර පොලිසිය ප්‍රහාර එල්ල කර තිබුණා.
විරෝධත සඳහා පොලිසියෙන් එල්ලවූ බාධා මත බොහෝ දෙනකු තුවාල ලබා තිබෙනවා.
එරට තුල ඇඳිරි නීතිය පනවා විරෝධතා තහනම් කර තිබුණද හමුදා පාලනයට එරෙහිව දැඩි විරෝධතා අඛන්ඩව ක්‍රියාත්මකයි.
හමුදා පාලනය ඉවත්ව ප්රජාතන්ත්රවාදය තහවුරු කරන තෙක් විරෝධතා අවසන් නොකරන බවයි මියන්මාර ජනතාව පවසන්නේ.
සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාවගේ මොළයේ ක්‍රියාකාරිත්වය සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.
ඇයට එල්ලවූ වෙබි ප්‍රහාරය සජීවී පතොරම් වලට සමාන බවත් එම උණ්ඩයක් ඇගේ දකුණු කන හරහා විනිවිද ගොස් ඇති බවත් බී බී සී වාර්තාවේ සදහන්.
එම විරෝධතාවයේදීම තවත් පුද්ගලයකුගේ හිසට වෙඩි තැබීමක් සිදුව තිබුණා.