නුගේගොඩ, මිරිහාන පැගිරිවත්ත ප්‍රදේශයේ ඊයේ රාත්‍රී විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඒ අතර කාන්තාවක ද සිටින බවයි.
එහිදී පොලිස් හා හමුදා බස්රථ 2 ක්, ජීප් රථයක් , ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදි දෙකකට අලාභහානි සිදුව තිබේ.
සිද්ධියෙන් පොලිස් නිලධාරින් 5 දෙනෙකු තුවාල ලබා ඇතැයි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.
මේ අතර නුගේගොඩ මහරගම 119 මාර්ගය වසා දමා තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ, එම මාර්ගයේ පදිංචිකරුවන් හැර අනෙකුත් පුද්ගලයින්ට එම මාර්ගයේ ගමන් කළ නොහැකි බවයි.