මිරිහාන විරෝධතාවයේ දී පොලිස් ප්‍රහාරවලින් මාධ්‍යවේදීන් පිරිසකට තුවාල

මිරිහානේදී පැවති විරෝධතාවය ආවරණය කිරීමට එහි ගිය මාධ්‍යවේදීන් ආරක්ෂක අංශවල සහ පොලිසියේ පහරදීම්වලට ලක්ව තිබේ.

පහරකෑමට ලක්වූ එක් මාධ්‍යව්දියෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගතවී තිබුණි.

මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් රැසක් එම ස්ථානයට පැමිණ සිටි අතර ඔවුන් එම සිදුවීම රූගත කරමින් සිටින අතරවාරයේ පොලීසියේ සහ ආරක්ෂක අංශවල පහරදීම්වලට ලක්ව තිබුණි.

එහිදී ප්‍රාදේශීය මාධ්‍යවේදී නිශ්ශංක වේරපිටිය තුවාල ලබා මේ වනවිට ජාතික රෝහලේ ප්‍රරතිකාර ලබයි.

මේ අතර එම අවස්ථාවේදී එම සිදුවීම රූගත කරමින් සිටි මාධ්‍යවේදී සුමේධ සංජීව පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔහුව අද අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් ඇත.

මේ අතර නුගේගොඩ ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රදීප් වික්‍රමසිංහද පොලිස් පහරකෑම්වලට ලක්ව තුවාල ලබා තිබුණි.

පුවත යවන්න