ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහලට ඇතුළත් කළ රෝගියකු මිය ගොස් ඇතැයි සිතා මෘත ශරීරාගාරයට යැවීමෙන් අනතුරුව එහිදී යළි සිහිය ලබා ඇති මීගමුව රෝහලේ ආරංචි මාර්ග පවසනවා.
මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ මීගමුවේ පදිංචි 40 හැවිරිදි ධීවර කාර්මිකයෙකු වන අතර එම පුද්ගලයා බරපතල රෝගී තත්ත්වයෙන් මීගමුව මහරෝහලට ඇතුළු කිරීමට ඥාතීන් කටයුතු කර තිබුණා.
එහිදී රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා ඔහු පරීක්ෂා කාරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි නිර්දේශ කර මෘත ශරීරාගාරයට යොමු කර ඒ පිළිබඳව රෝහල් පොලීසියට දැනුම් දී තිබෙනවා.
අනතුරුව ඥාතීන්ද එම ස්ථානයට පැමිණ සිරුර අල්ලමින් හැඩීමේදී එක්වරම සිහි පැමිණ ඇති රෝගියා අත ඔසවා තමා මිය ගොස් නැති බවට තහවුරු කර තිබූ අතර එහිදී අසල සිටි රෝහල් සේවකයින් කඩිනමින් ඔහු යළි ප්‍රතිකාර සඳහා රෝහල් වාට්ටුවට යොමු කර ඇතැයිද රෝහල් ආරංචි මාර්ග සදහන් කළා.
එම පුද්ගලයාගේ රුධිරයේ සීනී මට්ටම අඩුවී කෝමා තත්තවයට පත්ව පත්ව සිටි ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
රෝගීයා පරීක්ෂා කර ඔහු මිය ගිය බවට තහවුරු කළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට කටයුතු කරන බව රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළා.( ඩබ්ලිව් කීර්ති)