විද්‍යාපීඨයේ පාඨමාලා ඉකුත් 15 වැනි දා ආරම්භ කෙරුණු අතර තෙදිනකට පෙර ගුරු සිසුවියන් දෙනෙකු කොරෝනා ආසාදිත බව අනාවරණ කෙරුණා.
අනතුරුව ඊයේ 20 සිදුකෙරුණු ඇන්ටිජන් පරීක්ෂණවලදී ගුරු සිසුවියන් 38 දෙනෙකු කොරෝනා ආසාදිත බව හෙළි වී ඇති අතර ඊයේ දිනයේ ද තවත් 6 දෙනෙකු කොරෝනා ආසාදිත බව අනාවරණය වී තිබෙනවා.
අම්පාර ප්‍රදේශයේ සිට පැමිණි ගුරු සිසුවියකගෙන් වැඩි පිරිසකට රෝගය බෝවී ඇතැයි සැක කරනු ලබනවා.