මීළග ආණ්ඩුව නිදහස් සන්ධානයෙන් / හිටපු ජනපති කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන පිරිස් සමඟ එක්ව ඉදිරියේදී නව ආණ්ඩුවක් ඉදිරියේදී ගොඩ නගන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

නිදහස් පක්ෂ මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරිමේ අවස්ථාව අද එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.
ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මුලස්ථානයේ මෙය ස්ථාපිත කර ඇති අතර, මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ, නිදහස් සන්ධානය විසින් මීළඟ ආණ්ඩුව පිහිටුවන බවයි.
නිදහස් පක්ෂය කිසිදු පාර්ශවයක වලිගයක් බවට පත් නොවන අතර නව සන්ධානයක නායකත්වය දරන බවයි හිටපු ජනපතිවරයා ඊයේ අවධාරණය කළේ.

පුවත යවන්න