වර්තමානයේ උද්ගතව ඇති විදේශ විනිමය ගැටළුවට විසඳුම් සෙවීමේ හැකියාව ඇත්තේ මෙරට කර්මාන්තකරුවාට බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
එම ගැටළුවට ඇති එකම විසඳුම ආනයන ආදේශන කර්මාන්ත ඇති කිරීම සහ විදේශ වෙළඳපොළ ජය ගත හැකි කර්මාන්තකරුවන් මේ භූමිය මත නිර්මාණය කිරීම බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවති .දිනන රට පුබුදන කර්මාන්ත. වැඩසටහන යටතේ නව ආයෝජකයන් සඳහා කර්මාන්ත අමාත්‍යාංශය සතු කර්මාන්තපුරයන්හි ඉඩම් ප්රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළා.
මුදල් අච්චු ගැහුවාට ප්‍රශ්නයක් නැද්ද?’
මට මතකයි, ඇමරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපතිවරයා, ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග වදින සමයේ ඔහුගේ ආර්ථික උපදේශකයෙකු ලෙස කටයුතු කළ තැනැත්තෙකු, ඔහු වෙනුවෙන් අදහස් දක්වමින්, රූපවාහිනි නාලිකාවන් සමඟ පැවැති සංවාදයකදී පැවසුවා, ‘මුදල් අච්චු ගැහුවාට ප්‍රශ්නයක් නැහැ. ඒ මුදල් රටේ එදිනෙදා වියදම්වලට යෙදවීමයි අවුල. අච්චු ගහන මුදල් වුවත් කර්මාන්ත වැනි දේවල් සඳහා ආයෝජනය කළොත් එමගින් නැවත මුදල් උපද්දවන්න පුළුවන්.’ කියා. මුදල් අච්චු ගැසීම පිළිබඳව සාම්ප්‍රදායිකව ආර්ථික විද්‍යාවේ තිබෙන මතය වෙනස් කරමින් තමයි ඔහු එම අදහස් දැක්වූයේ.