මුහුදු රළ මට්ටම් ඉහළයාමෙන් චීනයට බලපෑම්

චීනයේ වෙරළ ආසන්න කලාප තුල මුහුදු ජල මට්ටම් ඉහළ යාමේ අවදානම වර්ධනය වී තිබෙනවා.
සවුත් චයිනා මෝනිං පෝස්ට් වාර්තා කළේ ගෝලීය අයිස් දියවීමේ අහිතකර ප්‍රතිවිපාක මෙසේ චීනයට බලපාමින් පවතින බවයි.
2050 වන විට මෙය උග්‍ර මට්ටමකට පත්වනු ඇති බවට අනතුරු අඟවා තිබෙනවා.
මේ වන විටත් චීනයේ ඇතැම් වෙරළබඩ කලාප මීටර 50කට වැඩි දුරක් දක්වා ගොඩබිම තුලට ගමන් කර ඇති බවද අදාළ වාර්තා අනාවරණ කළා.

පුවත යවන්න