මෙරටදී කොරෝනා ආසාදිත සිව්වන ගැබිණි කාන්තා මරණය වාර්තා වෙයි

මෙරටදී කොරෝනා ආසාදිතව තවත් ගැබිණි මවක් මරණයට පත්ව තිබෙනවා.
එය මෙරටදී සිදුවූ කොරෝනා ආසාදිත සිව්වන ගැබිණි කාන්තා මරණයයි.
තිස්සමහාරාම යායගොඩ පදිංචි වයස අවුරුදු 35ක ගැබිණි කාන්තාවක් මෙසේ මරණයට පත්ව ඇත්තේ අට මස් ගැබිණියකව සිටියදීයි.
මෙහිදී ඇයගේ බිළිඳා ද අවාසනාවන්ත ලෙස මරණයට පත්ව තිබුණා.
අප්‍රේල් 29 වනදා මහරගම ප්‍රදේශයේ පැවැති සාදයකට මෙම ගැබිණි කාන්තාව ඇතුළු පවුලේ 12 දෙනෙකු පමණ සහභාගී තිබෙනවා.
ඊට සහභාගී වූ මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවන් 17 දෙනකු ද කොරෝනා ආසාදිතයන් ලෙසයි හඳුනාගෙන ඇත්තේ.
මෙම ගැබිණි කාන්තාවටත් ඉකුත් 5 වනදා උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී තිබෙන අතර දෙබරවැව රෝහලට ඇතුළත් වී එහිදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඇය සහ සැමියා ආසාදිත බවට තහවුරු වී තිබුණා.
පසුව මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි ඇය මරණයට පත්ව ඇත්තේ.

පුවත යවන්න