මේක අපේ රට / පවුලකට අයිති රටක් නොවේ – අනුර යාපාගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්

රටේ පවතින ආර්ථික අර්බුදයට මුලික හේතුව වන්නේ තනතුරු සඳහා නුසුදුසු පුද්ගලයින් පත්කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා අද අවධාරණය කළා.

“මට මතකයි එදා අපි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවේ ඉන්නකොට අපේ යෝජනාවක් අනුවයි කුමාරස්වාමි මහත්තයාව පත්කළේය. ඒ ලියුම හැදුවේ අපේ ගෙදර. මගේ දුවගේ ටයිප් රයිටරයේ. පත්කිරීම කළේ පහුවෙනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. එතකොට වැඩබලන මුදල් ඇමති හිටියේ ලක්ෂමන් යාපා අබේවර්ධන. මේ විදියට තමා අපි ආර්ථිකයට යම් පමණකට දායක වුණේ. කිසිකෙනෙක් නොදැන තනි උද්දච්ච විදියට වැඩකරන්න මේ ආණ්ඩුව එක් එක් නිලධාරීන්ට ඉඩදීලා මේ ආණ්ඩුව අද සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙන්නේ. මම ඉල්ලන්න කැමතියි මේ ආණ්ඩුව අස්වෙන්න. මේක ඇති දැන්. රටේ මිනිස්සු බයවෙලා. මිනිස්සු පාරේ. තවත් මොනවා ද මේ කියන්නේ. තව මොනවා කථා කරන්න ද? කරුණාකරලා මේක අපි යෝජනා කරලා තියෙන විදියට අන්තර්වාර සභාවකට පාර්ලිමේන්තුව භාරදෙන්න දෙපැත්තෙම. ඒ පැත්තට වඩා හොඳ මිනිස්සු මේ පැත්තේ ඉන්නවා. ඒකයි ඇත්ත කතාව. අපි 40ක් වෙන්වුණේ ඒකයි. ඇත්ත කියන්නේ නැති බොරු කියන හැමදාම රවට්ටන මේ පුද්ගලයෝ එක්ක මේක කරන්න බෑ. ඒ නිසා මේක තේරුම් ගන්න. රට තවත් අමාරුවේ දාන්න එපා. කැබිනට් මණ්ඩලය මාරු කිරීම නෙමෙයි කරන්න ඕනේ. අපි ඔක්කෝම එකතුවෙලා අන්තර්වාර කැබිනට් මණ්ඩලයක් පත්කරලා ඒ හරහා කළ යුතු ව්‍යවස්ථාමය සංශෝධන කරලා එතැනට යන්න ඕනේ. එහෙම නැත්නම් මේක කරන්න එපා. පය බර වාහේට පිටිකර බෙහෙත් බඳින්න එපා. මේ කණ්ඩායමට කිසිම වගකීමක් නෑ. අස්වුණ ඇමතිවරු දෙවැනි පේළියට ගිහින්. මේක කොහොමද වෙන්නේ. රාජ්‍ය ඇමතිවරු තුන්වැනි පේළියට ගිහින්. මේක ඇති දැන්. මේක අපේ රට. මේක අගමැතිවරයාගේ හෝ ජනාධිපතිගේ හෝ රාජපක්වරුන්ගේ රටක් නෙමෙයි. ඒක තේරුම් ගන්න. මම මෙහෙම කවදාවත් කතා කරලා නෑ. ඔබට අයිතිවාසිකමක් නෑ පවුලකට පාලනය භාරදීලා බුදියගෙන ඉන්න.”

පුවත යවන්න