මෛත්‍රීට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න / කාදිනල්තුමන් ඉල්ලයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කළ ජනපති කොමිෂන් සභා වාර්තාවෙන් වරදකරුවෙකු ලෙස සඳහන්කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලීමක් කරනවා.
පාස්කු ඉරුදින දේවමෙහෙය අද උදෑසන කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පැවැත්වූ අතර ඉන් පසු අදහස් දක්වමින් කාදිනල්තුමන් මෙම ඉල්ලීම සිදුකළා.

“මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලනවා රජයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව අධ්‍යනය කරන්නට පත්කරපු කොමිෂන් සභාවේ වාර්තාව ක්‍රියාවට නංවන්න කියලා. අපිට සමහර වෙලාවට ලැජ්ජත් හිතෙනවා. අපේ හිටපු ජනාධිපතිතුමා ඡන්දෙ ඉල්ලනවායි කියලා කතාවක් යනවා. මම අහන්න කැමතියි ඇඳුම් ඇඳගෙන ද මේ කතාව කියන්නේ කියලා. මිනිස්සුන්ගේ මරණ ගැන දැන දැනත් තමන්ගේ යුතුකම් අමතක කරලා දාලා පිටරටට ගිය ජනාධිපතිතුමා කොහොමද ඡන්දෙ ඉල්ලන්නේ ආයෙත් සැරයක්. කොහොමද පක්ෂයක නායකයෙක් වෙන්නේ. කොමිෂන් සභා වාර්තාවේ එතුමා වරදකරුවෙකු හැටියට හඳුන්වලා තියෙනවා. එහෙමනම් එතුමාට විරුද්ධව ගන්න ඕන ක්‍රියාමාර්ගය නීතිමය වශයෙන් ගන්නට තවත් පරක්කු කරන්න අවශ්‍ය නෑ. තමන්ගේ අතේ වැරදි තියාගෙන අත් හෝදගන්න යන පිලාත්ලා වෙන්න එපා කියලා මම ඒ අදාළ නායකයින්ට කියනවා. ගෙදර ගිහින් වැඩක් බලා ගන්න.”

පුවත යවන්න