රුසියාව විසින් යුක්රේනයට එල්ල කරන ප්‍රහාරය හෙළා දැකීමට එක්වන ලෙස ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයින් මෙරටින් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ජර්මනිය සහ තවත් රටවල් කිහිපයක තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් යුක්රේනය සහ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සක්‍රීය සහයෝගය දක්වන ලෙසයි ඉල්ලා තිබුණේ.
‘යුක්රේනයේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය යථා තත්ත්වයට පත් කිරීම සහතික කිරීම සඳහා අපි ලොව පුරා සිටින අපගේ මිතුරන් සහ මිත්‍ර පාක්ෂිකයින් සමඟ එක්ව කටයුතු කරන්නෙමු. අපි යුක්රේනය සමඟ සිටිමු; නිදහස, ප්රජාතන්ත්රවාදය සහ ලොව පුරා ජාතීන්ගේ ස්වෛරීභාවය වෙනුවෙන්.’යනුවෙන් නිවේදනයෙන් දන්වා තිබෙනවා.