යුරේනියම් උණ්ඩ දුන්නොත් ගෝලීය යුද්ධයක් / රුසියාව අනතුරු අඟවයි

බ්‍රිතාන්‍ය විසින් යුක්‍රේනය වෙත ක්ෂ්‍ය වූ යුරේනියම් උණ්ඩ ලබාදුනහොත් යුක්‍රේන යුද්ධය, රුසියානු -යුරෝපීය යුද්ධයක් බවට පත්විය හැකි බවට රුසියාවේ ඩූමා සභාවේ කථානායකවරයා අනතුරු අගවා තිබෙනවා.
විශේෂ ප්‍රකාශයක් මගින් ඇලෙක්සැන්ඩර් වොලොඩින් ප්‍රකාශ කළේ , මෙම හානිකර ක්ෂ්‍ය වූ යුරේනියම් උණ්ඩ යුක්‍රේනය වෙත ලබාදීම කිසිසේත්ම ඉවසා නොසිටින බවයි.
මෙම උණ්ඩ වඩා ප්‍රහාරාත්මක වන අතර යුධ ටැංකි හා ආරක්ෂක සන්නාහ වඩාත් පහසුවෙන් සිදුරු කර දැමීමට මෙයින් හැකියාව පවතින බවයි හෙලිකර තිබුණේ.
මෙවන් තත්ත්වයකදී පියවර ගැනීමට රුසියාවට සිදුවිය හැකි බව රුසියානු ජනපති විලැද්මිර් පුටින් විසින්ද අවධාරණය කර තිබෙනවා.
මෙම විරෝධතා නොතකා හරිමින් යුක්‍රේනය වෙත ක්ෂ්‍ය වූ යුරේනියම් උණ්ඩ ලබාදෙන බවයි බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා සදහන් කළේ.
යුක්‍රේනය ආරක්ෂා කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ සහාය අඛණ්ඩව හිමිවන බව ද මෙමගින් දැනුම් දී තිබුණා.
මෙය යුක්‍රේන යුද්ධය වර්ධනය කිරීමේ හා යුක්‍රේනය විනාශ කිරීමේ බටහිර අපේක්ෂා තහවුරු කරන බවයි රුසියානු රජය දැනුම්දී ඇත්තේ.

පුවත යවන්න