රට බංකොලොත්ව තිබියදී යානා කුලියට ගැනීමේ විහිළුව / බලධාරීන් කෝ ?

ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ගුවන් යානා 21ක් බද්දට ගැනීම සඳහා මිල ගණන් කැඳවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසන්නේ ඉදිරි වසර 3 ඇතුලතදී සිය ගුවන් යානා සංඛ්‍යාව 35ක් දක්වා ඉහළදැමීමේ අරමුණින් මෙලෙස නව ගුවන් යානා 21ක් බද්දට ගැනීමට සැලසුම් කර ඇති බවය.

Image
රට මූල්‍ය වශයෙන් බංකොලොත්ව තිබියදී මෙසේ යානා කුලියට ගැනීමේ තීරණය පාර්ශව රැසක් විසින් හෙළා දැක තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සදහන් කළේ ,මෙය රට පවතින තත්ත්වය තුල ගනු ලැබූ තීරණයක් පිළිබද හාස්‍යජනක පුවතක් විය හැකි බවයි.

 

 

මෙය පාර්ලිමේන්තු මන්ත්‍රී , මහාචාර්ය චරිත හේරත් විසින් ද හාස්‍යජනක තත්ත්වයක් බව පිළිගෙන තිබුණා.

අධික ලෙස පාඩු ලබමින් පවතින ශ්‍රී ලන්කන් ගුවන් සේවය රටට දැඩි බරක් බවට පත්ව ඇති අතර එය වසා දැමීම හෝ පුද්ගලීකරණය වඩාත් ප්‍රායෝගික බවටයි මේ වන විට මතවාද ඉදිරිපත්ව ඇත්තේ.

පුවත යවන්න