අනවශ්‍ය මහජන ඒකරාශීවීම් හේතුවෙන් කොවිඩ් වසංගත තත්ත්වය රට තුළ සීග්‍ර ලෙස පැතිරයාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ රට අවදානම් තත්ත්වයකට පත්වීම වළක්වා ගැනීම සඳහා මහජනතාව අනවශ්‍ය ඒකරාශීවීම් වලින් වැළකිය යුතු බවයි.
නොඑසේනම් රට යළි වසා දමන තත්ත්වයකට පවා පත්විය හැකි බවයි ඔහු අවධාරණය කළේ.