පීසීආර් පරීක්ෂණ සිදුකරන ප්‍රමාණයට අනුව වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන සියයට 8ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.
ඇය පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේ දී එම ප්‍රමාණය සියයට 3ක් පමණ වු බවයි.
“මෙවර රට වටෙන් ම පොකුරු නිර්මාණය වෙනවා. ඒ නිසා හැම දිස්ත්‍රික්කයකින් ම අතරමැදි රෝහල් ස්ථාපිත කරලා දිස්ත්‍රික්ක තුළ ම රෝගීන් කළමනාකරණය කර ගැනීමට පහසුකම් මේ වන විට ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව ගම්පහ අපි වහලා දාපු කම්හලක් දැනට අලුත්වැඩියා කරලා අතරමැදි රෝහලක් බවට පත්කිරීමට කටයුතු කරගෙන යනවා. අද මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සමඟ සාකච්ඡාවක් තිබුණා. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂට අවසර දෙන්න කියලා දිසාපති එක්ක කථා කරලා අවශ්‍යතාවය මත තමන්ගේ වසමේ සංචරණ සීමා කරන්න. “