ප්‍රමාණවත් පොහොර සැපයීම සහතික කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් අවශ්‍ය වන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසනවා.
රට තුළ පවතින ආහාර හිඟය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා කෘෂිකර්ම ක්ෂේත්රයේ නියෝජිතයින් සමඟ පැවැති සාකච්ජාවකදියි මේ බව සදහන් කළේ.
එහිදි නිලධාරීන් දැනුම් දුන්නේ බැංකු විසින් ඩොලර් නිකුත් කළහොත් පොහොර සමාගම්වලට අවශ්‍ය පොහොර ප්‍රමාණය සැපයීමට හැකි වන බවයි.
කෘෂිකාර්මික ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම සහ බෙදා හැරීම සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය කෘෂිකර්ම සැපයුම් නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසුවා.
යුක්රේනයේ පවතින යුද්ධය හේතුවෙන් ලෝකය තිරිඟු සහ පොහොර හිඟයකට මුහුණ පා සිටින බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
හිඟය වැඩි වන විට, වහාම පිළියම් ක්‍රියාමාර්ග නොගතහොත් ශ්‍රී ලංකාවේ ආහාර සැපයුම් නරක අතට හැරෙනු ඇති බව ඔහු පැහැදිලි කළා.
මේ සමග නාගරික ප්‍රදේශවල වගා කළ හැකි උපයෝගිතා ඉඩම් හඳුනා ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
රට භයානක තත්ත්වයක පවතින බවත් එයින් ගොඩ ඒමට නම් ඒකාබද්ධ උත්සාහයක් අවශ්‍ය බවත් ඔහු දැනුම්දී තිබෙනවා.