රම්බෝ හස්තියා උඩවලවෙන් රැගෙනයාම නවතී / වනජීවිය පරදා පරිසරවේදීන් දිනයි

උඩවලව ජාතික වනෝද්‍යානයේ සැරිසරන ,රම්බෝ නමින් ප්‍රසිද්ධියට පත් වන අලියා වෙනත් ස්ථානයකට රැගෙන යාමේ තීරණය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
පසුගිය දිනවල වන ජීවී නිලධාරීන් විසින් මෙම අලියා හොරොව්පතාන ප්‍රදේශයට ගෙනයාමට දැඩි උත්සාහයක නිරත වූයේ පරිසරවේදීන්ගේ විරෝධය මැදයි.
මෙම සත්ත්වයා උඩවලව වනෝද්‍යානය ආසන්න ප්‍රදේශවල උක් වගා විනාශ කරන බවට චෝදනා එල්ලවී පැවතුනා.
එසේම වනෝද්‍යානයේ පිවිසුම් ආසන්න කලාපවලදී මිනිසුන්ගෙන් හා රථවාහනවලින් ආහාර ඉල්ලා සිටින කරදරකාරී නොවන හස්තියකු ලෙසයි රම්බෝ සැලකුණේ.
මෙම සද්ධන්තයා වෙනත් ස්ථානයකට යොමුකිරීම මගින් රම්බෝගේ ජීවිතය අවදානමකට ලක්විය හැකි බවට ද අනතුරු අඟවා තිබුණා.

පුවත යවන්න