රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි.
අධිකරණය විසින් ලබාදුන් නියෝගයෙන් පසු , පොලිස්පතිවරයාගේ උපදෙස් මත අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් 03 දෙනෙකු ද කුණ්ඩසාලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ පොලිස් අධිකාරීවරයා හා තවත් පොලිස් නිලධාරීන් 5 දෙනකු විවිධ රෝගාබාධ පවතින බව පවසා කුණ්ඩසාලේ පොලිස් රෝහලට පැමිණ ප්‍රතිකාර සඳහා ඇතුලත්ව සිටියදීයි.