රාගම දුම්රිය ස්ථානයේ සේවකයින් රැසකට කොරෝනා

රාගම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය සේවකයින් රැසකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අද පෙරවරුවේ සිටම ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඇණහිට තිබෙනවා.

රාගම දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ රාත්‍රියේ තහවුරු වී තිබෙනවා.ඒ හේතුවෙන් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සහ මහජන සම්බන්ධතා අද උදෑසන සිටම අත්හිටුවීමටයි පියවර ගැනුනේ. එහෙත් දුම්රිය ස්ථානයේ අනෙකුත් කාර්යන් සාමාන්‍ය පරිදි සිදු වනවා.

කෙසේ වුවද අද පෙරවරු අට වන තුරුත් කිසිදු සෞඛ්‍ය බලධාරියෙකු මෙම දුම්රිය ස්ථානයට පැමිණ තිබුණේ නැහැ. දුම්රිය ආරක්ෂක නිලධාරීන් හා පොලිස් නිලධාරීන් එක්ව මුව ආවරණ පළදින ලෙස දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන් දැනුවත් කරන ආකාරය දක්නට ලැබුණා.

 

පුවත යවන්න