රුසියානු හමුදා කසක්ස්ථානයේ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කරයි

කසක්ස්ථානය තුල යළිත් නීතිය හා රජයේ පාලනය තහවුරු කිරීම සම්බන්ධයෙන් රුසියානු ජනපති විලැද්මීර් පුටින් හා කසක්ස්ථාන ජනපතිවරයා අතර විශේෂ සාකච්ජාවක් පවත්වා තිබෙනවා.
දින කිහිපයක් පුරා පැවැති ප්‍රචණ්ඩ ක්‍රියා රුසියානු හමුදා මැදිහත්ව පාලනය කිරීමෙන් පසුවයි මෙම සාකච්ජාව පවත්වා තිබුණේ.
ඉන්ධන මිල ඉහළ යාම හා ආර්ථිකය බිදවැටීම ඇතුළු ගැටළු රැසක් මත මෙම ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වූ අතර මෙහිදී සියයකට ආසන්න පිරිසක් මිය ගියා.
කසක්ස්ථාන ජනපතිවරයා චෝදනා කළේ මෙය බාහිර පාර්ශවයක් විසින් මෙයෙවන ලද තත්ත්වයක් බවයි.
මෙහිදී එරට පාර්ලිමේන්තුවට ගිනි තැබූ අතර ජනපතිවරයාගේ නිල කාර්යාලයක් ද වනසා දැමුණා.
විරෝධතා හමුවේ කසක්ස්ථාන ආණ්ඩව ඉල්ලා අස්වුව ද ජනාධිපතිවරයා විසින් රුසියානු හමුදා සහාය සහිතව විරෝධතා මර්ධනය කර තිබෙනවා.
විරෝධතා සිදුකරන ඕනෑම අයකු වෙඩි තබා ඝාතනය කරන ලෙසයි කසක්ස්ථාන ජනපතිවරයා නියෝග කළේ.

පුවත යවන්න