රුසියාව යුක්රේනය ආක්‍රමණය කරයි ද? අමෙරිකාව විමසිල්ලෙන්

රුසියාව විසින් සිදුකළ හැකි ආක්‍රමණයකදී අමෙරිකාව හා මිත්‍ර පාර්ශවය දැඩි මට්ටමින් ප්‍රතිචාර දක්වන බව අමෙරිකානු ජනපතිවරයා යළිත් සහතික කර තිබෙනවා.
ධවල මන්දිරය අනාවරණ කළේ යුක්‍රේන ජනපති වොලොද්මියර් සොලොන්කි හා අමෙරිකානු ජනපතිවරයා අතර දුරකථන සංවාදයකදී මෙම සහතිකය ලබාදුන් බවයි.
මෙහිදී සීමාවන්ගෙන් තොර ආරක්ෂාවක් ලබාදීම සහතික කර ඇති අතර ගැටුමකදී අමෙරිකානු හමුදාව යෙදවීමක් අදහස් පළ නොවූ බව ප්‍රකාශ වනවා.
ඒ අනුව රුසියාව විසින් සිදුකළ හැකි ආක්‍රමණයකදී මහා පරිමාණ මට්ටමේ ජාත්‍යන්තර ආර්ථික සම්බාධක රුසියාවට පැනවෙනු ඇති බවයි ධවල මන්දිරය පවසන්නේ.
මේ දක්වා ලක්ෂයකට ආසන්න රුසියානු භට කණ්ඩායමක් යුක්‍රේන දේශ සීමාව ආසන්නයේ රදවා තිබෙනවා.
ජනවාරි මාසය අවසානයට පෙර මෙම ආක්‍රමණය දියත් විය හැකි බවයි අමෙරිකානු බුද්ධි අංශ වාර්තා අනාවරණ කළේ.
සිය කොන්දේසි ඉටු කිරීමට බටහිර අසමත් වුවහොත් ගැටුම්කාරී තත්ත්වයක් මතුවිය හැකි බවටයි රුසියාවද අනතුරු අඟවා ඇත්තේ.

පුවත යවන්න